Thursday, April 25, 2024

General line - 0115112241

ශ්‍රීලනිපයෙන් කණ්ඩායමක් පත් කරයි – දුමින්ද




යෝජිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සකස්විය යුත්තේ කෙසේද යන්න පිළිබඳ සිය පක්ෂයේ යෝජනා සකස් කිරීම සඳහා කණ්ඩායමක් පත්කර ඇති බව ශී‍්‍ර ලංක නිදහස් පක්ෂය පවසනවා.

එහි මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මේ බව කියා සිටියා.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට චෝදනා එල්ල කරන සුළු පක්ෂ සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා.

ඒ අනුව හෙතෙම පැවසුවේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිබඳ මතයක් දැරිය යුත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් බවත් අනික් අය කළ යුත්තේ ඒ අයගේ පක්ෂවල ඇති ගැටළු විසඳා ගැනීම බවයි. අතීතයේ සිට සුළු පක්ෂ රැකුනේ මහා පක්ෂ සමග බවත් එහෙයින් ඔවුන් තමන්ගේ පක්ෂයට වඩා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිබඳව සිතනු ඇති බවත් සඳහන් කළා.