Tuesday, April 23, 2024

General line - 0115112241

තවත් තරගාවලි වාර්තාවක් (UPDATE)




ජෝන් ටාබර්ට් ජ්‍යෙෂ්ඨ මලල කී‍්‍රඩා තරගාවලියේ වයස අවුරුදු 18න් පහළ මීටර් 800 ධාවන, බාලිකා ඉසව්වෙන් නව තරගාවලි වාර්තාවක් පිහිටුවීමට දිල්ෂි කුමාරසිංහ අද (14) සමත් වුණා.

ඇය, වලල එ් රත්නායක විද්‍යාලයේ ශිෂ්‍යාවක්. දියගම මහින්ද රාජපක්ෂ කී‍්‍රඩාංගණයේදී මෙම තරගාවලිය පැවැත්වෙනවා. ඊට අනුග‍්‍රහය දක්වන්නේ රිට්ස්බරි නිෂ්පාදනයි.


යාපනයෙන් වෙන්නප්පුවෙන් ගාල්ලෙන් නව තරග වාර්තා 03 ක්

(Sep 13, 2016 @ 19:42)

දියගම මහින්ද රාජපක්‍ෂ කී‍්‍රඩාංගණයේදී අද (13) ආරම්භ වූ 86 වන ජෝන් ටාබර්ට් ජ්‍යෙෂ්ඨ මළල කී‍්‍රඩා උළලේදී නව තරග වාර්තා 3 ක් බිහි වුණා.

වයස 18 න් පහළ රිටි පැනීම බාලක තරගයට එක් වූ යාපනය අරුණෝදය විද්‍යාලයේ කේ.එන්. ජේසන් මීටර් 4.56 ක දක්ෂතාවක් දක්වමින් එම ඉසව්වේ නව වාර්තාවක් බිහි කළා.

වයස අවුරුදු 20 න් පහළ බාලක කවපෙත්ත විසි කිරීමේ ඉසව්වෙන් නව වාර්තාවක් බිහි කළේ වෙන්නප්පුව ශාන්ත රීටාස් විද්‍යාලයේ මලින්ද මදුසංඛයි. එ් මීටර් 42.72 ක දක්ෂතාවක් දක්වමින්.

වයස අවුරුදු 18න් පහළ බාලක දුර පැනීමේ ඉසව්වෙන්ද නව වාර්තාවක් බිහි වුණා. එය බිහි කළේ ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලයේ ඉසුර මලින්දයි. මීටර් 7.17 ක දක්ෂතාවක් දක්වමින් ඔහු මෙම නව තරග වාර්තාව බිහි කළා. 86 වන ජෝන් ටාබර්ට් ජ්‍යෙෂ්ඨ මළල කී‍්‍රඩා උළලේ හෙට (14) දෙවන දිනයයි.

14302826_10210657948911213_1880273474_n 14348820_10210657948991215_555215026_n 14349091_10210657948951214_965098186_n 14365384_10210658185277122_969322070_n