Thursday, March 28, 2024

General line - 0115112241

බොඳවූ ඔලිම්පික් සිහිනය සැබෑකළ පැරාලිම්පික් ක්‍රීඩකයා




2016 රියෝ පැරාලිම්පික් ක‍්‍රීඩා උළෙලේදී හෙල්ල විසිකිරීමේ එෆ්46 කාණ්ඩයෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ‍්‍රී ලංකාවේ දිනේෂ් ප‍්‍රියන්ත හේරත් සමත් වුණා. ඒ, මීටර් 58යි දශම 2යි 3ක දක්ෂතාවක් දක්වමින්. මෙය දිනේෂ් ප‍්‍රියන්තගේ පෞද්ගලික හොඳම දක්ෂතාව ද වනවා. මෙම ඉසව්වේ රන් පදක්කම ඉන්දියාවට හිමි වූ අතර චීනය රිදී පදක්කම දිනා ගැනීමට සමත් වුණා.

මේ අතර රියෝ පැරාලිම්පික් ක‍්‍රීඩා උළෙලේ මීටර් 400 ටී 47 කාන්තා ධාවන ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශී‍්‍ර ලංකාව නියෝජනය කළ අමරා ඉන්දුමතී ඊයේ සමත් වුණා. එ් මූලික වටයේ තරගයේදී 3 වන ස්ථානය දිනා ගනිමින්. ඇය දැක්වූ දක්ෂතාව විනාඩියයි තත්පර දෙකයි දශම බින්දුවයි හතක්. අමරා ඉන්දුමතී එම ඉසව්වේ දැක්වූ සිය පෞද්ගලික හොඳම දක්ෂතාවද එය වනවා. පැරාලිම්පික් ක‍්‍රීඩා උළෙලේ ඇය සහභාගි වන මීටර් 400 ටී 47 කාන්තා ධාවන ඉසව්වේ අවසන් තරගය හෙට පැවැත්වීමට නියමිතයි.

01 02 03