Friday, March 29, 2024

General line - 0115112241

ඇවන්ගාඩ් කපිතාන් යළි රිමාන්ඩ්




ඇවන්ට් ගාර්ඩ් නෞකාවේ කපිතාන්වරයා ලබන 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ, ගාල්ල මහේස්ත‍්‍රාත් අධිකරණය අද (05) ලබාදුන් නියෝගයක් අනුවයි.

යුක්රේන ජාතිකයකු වන මෙම කපිතාන්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉකුත් 23 වෙනිදා අත්අඩංගුවට ගැනුණා.

නීති විරෝධීව ගිනිඅවි ශ‍්‍රී ලංකාවට ආනයනය කිරීම සහ නීති විරෝධීව ගිනිඅවි හා පුපුරණද්‍රව්‍ය සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් ඔහු මෙලෙස අත්අඩංගුවට ගැනුණු බවයි පොලිසිය පැවසුවේ.