Friday, April 26, 2024

General line - 0115112241

දවල් කෑමට පෙර සහ පසුත් විමල් ඇතුලේ




පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් විරවංශගෙන් අද (14) පැය 08 වැඩි කාලයක් ප‍්‍රශ්න කළා.

මන්තී‍්‍රවරයා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණියේ උදැසන 8.30ට පමණයි.

දහවල් 12.00 ට පමණ ඔහු දිවා ආහාරය සඳහා පිටතට පැමිණියා. එම අවස්ථාවේ මාධ්‍යවේදින් වෙත ඔහු අදහස් දක්වමින් සඳහන් කළේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය දඩයම් ගුහාවක් බවයි. අගමැතිවරයා මේ රටේ බලයට පත්වන තෙක් මේ රටේ නීතිය ක්‍රියාත්මක වූයේ නැද්ද යන්න පිළිබඳවද ප්‍රශ්න කළා.

දිවා ආහරයෙන් පසු නැවත පැය කිහිපයක් විමල් වීරවංශ මන්ති‍්‍රවරයාගෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ප‍්‍රශ්න කර ප‍්‍රකාශ සටහන් කර ගත්තා.
wimal-wee-700