Friday, April 19, 2024

General line - 0115112241

වැට් පහදන්න ගිහින් පැටලිල්ලක්




වැට් බදු සංශෝධන නව කෙටුම්පත බොහෝ විට අද (14) මධ්‍යම රාත‍්‍රිය වන විට ගැසට් කරන බව කැබිනට් තීරණ දැනුම්දීම සඳහා අද පැවැත් වූ මාධ්‍ය හමුවේදී ප‍්‍රකාශ කෙරුණා.

කෙසේ වෙතත් එම සංශෝධන කි‍්‍රයාත්මක වන දිනය පිළිබඳ මාධ්‍යවේදීන් කළ ප‍්‍රශ්න කිරීම්වලට ලැබුණේ පැටලිලි සහගත පිළිතුරක්. සම කැබිනට් ප‍්‍රකාශකවරුන් වන අමාත්‍ය රාජිත සේනාරත්න සහ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මාධ්‍ය හමුවට සහභාගි වී සිටියා. අවසානයේ ප්‍රශ්නයට පිළිතුරක් සොයා ගැනීමට මුදල් අමාත්‍යාංශය දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට ඔවුන් කටයුතු කළා.

(එම හඬපටය පහතින් අහන්න)

අවස්ථා කිහිපයකදී උත්සහ කිරීමෙන් පසු මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට අමාත්‍යවරුන් සමත් වුණා. ඔහුගෙන් ලබාගත් පැහැදිලි කිරීමක් අනුව අමාත්‍ය ගයන්ත කරුණාතිලක මාධ්‍යවේදීන් වෙත අවසානයේ ලබාදුන්නේ මෙවන් පිළිතුරක්.

“ගැසට් කිරීමටත් පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් තමයි ඊයේ කැබිනට් මණ්ඩලය තීරණය කළේ. ඒ අනුව පාර්ලිමේන්තුවේ පළමුවර කියවීම, දෙවනවර කියවීම යොදවලා එය අනුමත වුණාට පස්සෙ තමයි මේක ක්‍රියාත්මක වෙන්නෙ. අතීතයට බලපාන විදිහටත් නෙමෙයි.”