Thursday, April 25, 2024

General line - 0115112241

එදා වූ තවත් කෙනහිලිකමක් ජනපති මතක්කර දෙයි




ඉකුත් වසරේ ජනවාරි 8 වැනිදා බල පෙරළියක් සිදු නොවුයේ නම් රටට කුමක් වනු ඇත්දැයි තමන්ට දෝෂාරෝපණය කරන සියලුදෙනාගෙන් ප‍්‍රශ්න කරන බව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා පවසනවා.

කෙසේ වෙතත් තමන් ජනාධිපති ධුරයට පත් කිරීමෙන් පමණක් සෑහීමකට පත් නොවී අපේක්ෂා කළ ප‍්‍රතිඵල ලබා ගන්නා තෙක් තමන් සමග සිටින්නැයි තමන්ට සහාය වූ සියලුදෙනාගෙන් ඉල්ලීමක්ද කරන බවයි ඔහු කියා සිටියේ. පසුගිය ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂයාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කළ සිවිල් සංවිධාන නියෝජිතයින් වෙනුවෙන් ජනාධිපති මන්දිරයේ දි සංවිධානය කොට තිබූ සුහද හමුව අමතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළා.

මහින්ද රාජපක්ෂ පාලන සමයේදී තමන් මුහුණදුන් අත්දැකීමක් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මෙහිදී සිහිපත් කළා.

එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ “මට අරලියගහ මන්දිරෙන් දුරකතන ඇමතුමක් ආවා.. එන්න කියලා. රාජ අඥාවක් නිසා මම ඉක්මනට ගියා. මගේ හිටපු නායකතුමා මුහුණ හොඳටම වෙනස් වෙලා.. මගෙන් ඇහුවා ඊයේ වංචා දූෂණ ගැන කතා කළා නේ මහබැංකු රැස්වීමේ. පාරවල් හදනකොට වංචා දූෂණ වෙලා කියලා කතා කරලා තියෙන්නෙ. මම කිව්වා ඔව් ඔව් කතා කළා මටත් මතකයි කියලා. එතකොට, ආ..පක්ෂ ලේකම්..කැබිනට් ඇමතිවරයෙක්..ආණ්ඩුව ඇතුලෙ ඉදන් වංචා දූෂණ ගැන කතා කරන්න පුළුවන්ද..?. මොකද වෙන ගමනක් යන්නද හදන්නෙ.. කියලා ඇහුවා. මම එදා හිතා ගත්තා ඔව් මම වෙන ගමනක් යන්න තමයි හදන්නෙ කියලා.. ඒ ගමන තමයි නොවැම්බර් 21 ගියේ.” යනුවෙනි.