Saturday, April 20, 2024

General line - 0115112241

වාහන දඩ ගෙවන්න වැඩිපුර කාලයක්




රථවාහන වැරදි සඳහා දඩ මුදල් ගෙවීමට ලබා දී ඇති කාලය දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

මේ සඳහා දැනට ලබාදෙන කාලය දින 14ක්. එය දින 30ක් දක්වා දීර්ඝ කරන බව රථවාහන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති ජී.ඩී.ඒ.කේ. සේනාරත්න මහතා කියා සිටියා.

බත්තරමුල්ලේ සිට පිටකොටුව දක්වා බස් ධාවනයට වෙනම මංතීරුවක් වෙන්කිරීමට ද තීරණය කර තිබෙන බව ඔහු ප‍්‍රකාශ කළා. තදබදය අවම කිරීම මෙහි අපේක්ෂාව වනවා.