Thursday, April 25, 2024

General line - 0115112241

වනඅලි සතු කරගත් පාසල් ගොඩනැගිල්ල




පුත්තලම, තබ්බෝව, තේවනුවර ගම්මානයේ ඉදිකර ඇති පාසලකට අයත් ගොඩනැගිල්ලක් ඝණ කැලෑවකින් වැසීමෙන් දිනෙන් දින දිරාපත් වෙමින් තිබෙනවා.

තේවනුවර ගම්මානයට අඩුවක්ව පැවති ගොඩනැගිලි ගැටළුවට තිරසාර විසදුමක් ලෙස 1969 වසරේදී ඉඩම් සංවර්ධන දෙපාර්ත්තුමෙන්තුව විසින් ඉදිකරන ලද ගොඩනැගිලි රැසක් තේවනුවර පාසලේ වැඩ කටයුතු සිදුකරගෙන යාම සඳහා ලබා දී තිබුණද, එකී ගොඩනැගිලිවලින් එක් ගොඩනැගිල්ලක් මේ වන විට සම්පූර්ණයෙන් ඝණ කැලෑවට බිළි වී තිබෙනවා.

ප්‍රදේශවාසීන් පවසන්නේ ගොඩනැගිල්ල අවට ඝණ කැලෑව ඇති හෙයින් තබ්බෝව අභය භූමිය සහ විල්පත්තුව ජාතික වනෝද්‍යානය ආශ්‍රිතව ගැවසෙන වනඅලි රංචු වශයෙන් මෙහි දැකගත හැකි බවයි.

පළමු ශ්‍රේණියේ සිට 05 වසර දක්වා සිසුන් අධ්‍යාපනය හදාරන මෙම විදුහලේ ක්‍රිඩා පිටියට පසෙකින් මෙම ඝණ කැලෑව ඇති හෙයින් දරුවන් ක්‍රීඩා කරන දිවා කාලයේදී පවා වනඅලි ගැවසෙන අවස්ථා ඇති බවත් ගම්වාසීන් සඳහන් කළා.

03-2 03-3 03-5 03 04-1 04-3 04-5 04 05-2 05 dsc_0485 dsc_0490 dsc_0492