Friday, March 29, 2024

General line - 0115112241

ළිඳට වැටුණු වන අලියා ගොඩට පැමිණි හැටි (PHOTOS)




බීමට ජලය සොයා පැමිණි වන අලියෙක් සූරියවැව මහ අලුත්ගම් ආර ප්‍රදේශයේ ගෙවත්තක වගා ළිඳකට වැටී සිටියදී වනජීවී නිළධාරින්ගේ මැදිහත් වීමෙන් ගොඩට ගෙන තිබෙනවා.

අද (15) පෙරවරුවේ බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් වන අලියා කැලයට මුදා හැරි බවයි හම්බන්තොට වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක නිළධාරි ඩබ්.එම්.ඒ ගුණතුංග මහතා සඳහන් කළේ.

මේ දිනවල හම්බන්තොට දිස්ත්‍රික්කයට බලපා ඇති දැඩි ඉඩෝරය නිසා වන සතුන් ජලය සොයා නිරන්තරයෙන් ඇවිදින බව වනජීවි නිළධාරිහු පෙන්වා දෙනවා.

කුඩා වැව් හා දියකඩිති සියල්ලම සිඳී ගොස් ඇති හෙයින් වන අලින් ද මෙලෙස ජලය ඉතිරි වී ඇති ස්ථාන සොයා ඇවිදගෙන යන බවයි ඔවුන් සඳහන් කළේ.

බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් වන අලියා කැලයට මුදා හැරි අවස්ථාවේ ඡායාරූප පහතින් දැක්වෙනවා.

unnamed-1 unnamed-2 unnamed