Friday, March 29, 2024

General line - 0115112241

හම්බන්තොට පොලිසියෙන් ‘අතුරුදන් තරුණයා රැගෙන’ හිමි නමක් කොළඹ වැඩි හැටි




හම්බන්තොට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන පසුව අතුරුදන් වූ බව කියන ජී. ජී. ගයාෂාන් නම් වන තරුණයාව පොලිසියට බාර දී ඇත්තේ දික්වැල්ල දීඝවාළුකාරාම රජමහා විහාරයේ අඹකොළ වැව බුද්ධික හිමියන් විසින් විසින් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන පවසනවා.

එම තරුණයා දික්වැල්ල දීඝවාළුකාරාම රජමහා විහාරයේ අඹකොළවැව බුද්ධික හිමියන් හමුවට අද උදේ පැමිණ ඇති අතර පසුව උන් වහන්සේ එම තරුණයාව පොලිස් මුලස්ථානයට ඉදිරිපත් කර තිබෙනවා.

මෙම තරුණයා පසුගිය 5 වැනිදා හම්බන්තොට පොලිසියට රැගෙන ආ පසු අතුරුදන් වූ බව වාර්තා වුණා.

ඔහු සමග තවත් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇතත් පොලිසිය ඒ බව සටහන් කර නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පොලිස් මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළා.

එම තරුණයා හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.