Friday, March 29, 2024

General line - 0115112241

හිටපු ජනපති මහින්ද බන්ධනාගාරයට – රැඳවියන් දෙදෙනෙක් සමග කතා බහක්




රක්ෂිත බන්ධනාගාර ගත කළ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ බැලීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (15) පස්වරුවේ වැලිකඩ මැගසින් බන්ධනාගාරයට ගොස් තිබෙනවා.

ඔහු සමග යෝෂිත රාජපක්ෂ ද බන්ධනාගාරයට පැමිණි බවයි වාර්තා වන්නේ.

ඔවුන් මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා හමුවීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින චානුක රත්වත්තේ ද හමුවූ බවයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේ.