Friday, April 19, 2024

General line - 0115112241

තාජුඩීන්ගේ සිද්ධියේ වෛද්‍යවරයාට අපේක්ෂිත ඇප නෑ




රගර් ක්‍රීඩක වසිම් තාජුඩීන්ගේ මෘත ශරීරයේ කොටස් අස්ථානගතවීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීමක් සිදුකළහොත් ඇපමත මුදාහරින ලෙස ඉල්ලා කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී මහාචාර්ය ආනන්ද සමරසේකර ගොණුකළ අපේක්ෂිත ඇප අයදුම් පෙත්සම අද (15) ප්‍රතික්ෂේප වුණා.

ඒ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දුලානි අමරසේකරගේ නියෝගයකට අනුවයි.

පෙත්සම්කරුට අපේක්ෂිත ඇප ප්‍රදානය කළහොත් වසීම් තාජුඩීන්ගේ මරණයට අදාළ විමර්ශනවලට බාධා වියහැකි බව පවසමිනුයි අතිරේක මහේස්ත්‍රාත්වරිය මෙලෙස ඇප අයැදුම ප්‍රතික්ෂේප කර ඇත්තේ.