Friday, March 29, 2024

General line - 0115112241

ක්‍රිස්ගේල් කැරිබියන් පි‍්‍රමියර් ලීග් පිටිය දෙවනත් කරයි (VIDEO)




කැරිබියන් පි‍්‍රමියර් ලීග් පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගාවලියේ ඊයේ (04) පැවැති තරගයකදී සුපිරි පිතිහරඹයක නිරත වීමට කි‍්‍රස්ගේල් සමත් වුණා.

එ් ටි‍්‍රන්බැගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව පන්දු 54 කදී නොදැවී ලකුණු 108 ක් රැස් කරමින්. එම තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමටද කි‍්‍රස්ගේල්ගේ ජැමෙයිකා තලවස් කණ්ඩායම සමත් වුණා. කි‍්‍රස් ගේල් වාර්තා කළ ශතකයට හයේ පහර 11 ක් සහ හතරේ පහර 6 ක් ඇතුළත්.

ඔහු පන්දුවාර විස්ස කි‍්‍රකට් පිටියේ වාර්තා කළ 18 වැනි ශතකය ලෙසද මෙය වාර්තා පොත් අතරට එක් වුණා. එමෙන්ම කැරිබියන් පි‍්‍රමියර් ලීග් තරගාවලි ඉතිහාසයේ ඔහු වාර්තා කළ සිවුවැනි ශතකයද මෙය වනවා.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ටි‍්‍රන්බැගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 04 ක් දැවී ලකුණු 191 ක් රැස්කළා. ජැමෙයිකා තලවස් කණ්ඩායම පන්දුවාර 18 යි පන්දු දෙකක් අවසානයේ කඩුලු 03 ක් දැවී එම ඉලක්කය පසු කර ගියා. ජයග‍්‍රාහී ජැමෙයිකා තලවස් කණ්ඩායම නියෝජනය කළ කුමාර් සංගක්කාර මෙහිදී ලකුණු විස්සක් රැස් කළා.

 

galye 2 gayle

4 July 2016; Chris Gayle of Jamaica Tallawahs hits a 6 during Match 7 of the Hero Caribbean Premier League between Trinbago Knight Riders and Jamaica Tallawahs at Queen's Park Oval, in Port of Spain, Trinidad. Photo by Randy Brooks/Sportsfile