Saturday, April 20, 2024

General line - 0115112241

දැඩි නියගයෙන් පොළොන්නරුව වේලෙයි




පොළොන්නරුව දිස්ත්‍රික්කයට බලපා ඇති දැඩි වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශයේ ජන ජීවිතයට බාධා එල්ල වී තිඛෙනවා.

පාසල් සිසුන්ගේ අධ්‍යාපනික කටයුතුවලට ද මේ නිසා බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

විශේෂයෙන්ම පානිය ජල හිඟයෙන් ඔවුන් පීඩා විඳන බවයි වාර්තාවන්නේ.

වැලිකන්ද තමන්කඩුව දිඹුලාගල ලංකාපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ හතරකට අයත් 25000 අධික ප්‍රමාණයක් මෙම පානිය ජල හිඟයෙන් පීඩාවට පත්ව තිබෙන බවයි වැඩිදුරටත් වාර්තාවන්නේ.

එමෙන්ම මෙම ප්‍රදේශවල ඇතැම් පාසල්ද පානීය ජල හිඟය හේතුවෙන් පීඩාවට පත්ව තිබෙනවා.

ඔවුන්ට අවශ්‍ය ජලය බවුසර මගින් බෙදාහැරීමට කටයුතු කර ඇති බව පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම්වරයා පවසනවා.

දැනට පවතින වියළි කළගුණ තත්වය ඉදිරියටත් පැවතුණහොත් මෙම පානීය ජල ප්‍රශ්ණය වඩ වඩාත් උග්‍ර වනු ඇති බව අප වාර්තාකරු පවසනවා.