Saturday, April 20, 2024

General line - 0115112241

සඳහිරු සෑය ඉදිකරනවා කියා නිවසක් ඉදිකෙරූ හමුදා සෙබළුන්ට වැඩ වරදී!




අනුරාධපුර සඳහිරු සෑයේ ඉදිකිරීම් කටයුතු සඳහා යොදවා සිටි හමුදා සාමාජිකයින් සිව් දෙනෙකු යුද හමුදාවේ නිසි අවසරයකින් තොරව පෞද්ගලික නිවසක ඉදිකිරීමක් සිදුකරමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිඛෙනවා.

ඒ, යුද හමුදා පොලිසියේ නිලධාරීන් විසින්. අනුරාධපුර නගර සීමාව අසල අලූතින් ඉදිකෙරෙන දෙමහල් නිවසක වහළය ඉදිකරමින් සිටියදී ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගැනුණා.

ඔවුන් යුද හමුදාවෙන් වැටුප් ලබමින් සඳහිරු සෑයේ ඉදිකිරීම් කටයුතු සිදුකරමින් සිටියදී මෙම ඉදිකිරීම සඳහා සම්බන්ධ වී ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වුණේ.

අදාළ නිවස යුද හමුදාවේ උසස් නිලධාරියෙකුට අයත් එකක් බවද අනාවරණ වී තිඛෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කි්‍රයාත්මකයි.