Friday, March 29, 2024

General line - 0115112241

දැවැන්ත ග්‍රාහකයක් පෘථිවිය දෙසට – ගැටුණොත් මෙගා සුනාමියක්!




පෘථීවිය ආසන්නයෙන් අද ගමන් ගන්නා දැවැන්ත ග්‍රාහකය යම් හෙයකින් පෘථීවියෙහි ගැටුණහොත් විශාල විනාශයක් සිදුවිය හැකි බව තාරකා විද්‍යාඥයින් පවසනවා.

කෙසේ වෙතත් එම ග්‍රාහකය පෘථීවියේ නොගැටෙන බවටයි විද්‍යාඥයින් අනාවරණ කරගෙන ඇත්තේ. මෙම ග්‍රාහකයේ දිග අඩි 200ක්.

මේ පිළිබඳ නෙත් නිවුස් තාරකා විද්‍යාඥ චන්දන ජයරත්නගෙන් විමසීමක් කළා. ඔහු පැවසුවේ ගණනය කිරීම් අනුව මෙම ග්‍රාහකය පෘථිවියේ ගැටීමේ සම්භාවිතාවයක් නොමැති බවයි.කෙසේ නමුත් එය පෘථිවියේ ගැටුණොත් පෘථිවි කක්ෂයේ යම් ඇලවීමක්ද,ගොඩබිම් ප්‍රදේශයේ ගැටුණහොත් අහසේ දුවිලි පටලයක් නිර්මාණය වී හිරු එළිය නොමැතිව ගස් කොළන් සතා සීපාවා මිය යා හැකි බවත්,සාගරයට කඩා වැටුණහොත් මීටර් 800ක පමණ මෙගා සුනාමි තත්වයක් ඇතිවිය හැකි බවද ඔහු පවසා සිටියා.

අද දිනයේ පෘථීවිය ආසන්නයෙන් ගමන් ගන්නා දැවැන්ත ග්‍රාහකය නිර්මාණය වී ඇත්තේ සෞරග්‍රහ මණ්ඩලය නිර්මාණය වෙද්දී බව අනාවරණ කරගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. එය පැයට කිලෝමීටර් පනස්දහසක පමණ වේගයකින් පෘථීවිය ආසන්නයෙන් ගමන් කරනු ඇති බවටයි පැවසෙන්නේ.