Thursday, April 25, 2024

General line - 0115112241

රටේම පොලිස් නිලධාරින්ගෙන් විශේෂ ප්‍රතිඥාවක්




දිවයින පුරා පොලිස් නිලධාරීන් අද විශේෂ ප්‍රතිඥාවක් ලබාදුන්නා.

ඒ, පොලිස් නිලධාරීන් වෙනුවෙන් සකස් කළ ආචාර ධර්ම පද්ධතිය පිළිපදින බවටයි.

මෙම ආචාර ධර්ම පද්ධතිය සකස් කරනු ලැබ තිබුණේ ජාතික පොලිස් කොමිසම විසින්.

ආචාර ධර්ම පද්ධතිය එළිදැක්වීම සිදුවුණේ අද පෙරවරු 9.00ටයි. පොලිස් මූලස්ථානයේදී එම කටයුතු සිදුකෙරුණේ පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන්.

ඊට සමගාමීව දිවයින පුරා සියලූ පොලිස් ස්ථානවලදී පොලිස් නිලධාරීන් මෙම ප්‍රතිඥාව ලබා දුන්නා.

පොලිස් කොමිසම මගින් පොලිස් නිලධාරීන්ට පිළිපැදිය යුතු ආචාර ධර්ම 45ක් ඊට ඇතුළත් කර තිඛෙනවා.

සෑම පොලිස් නිලධාරියෙකුම මෙම දිවුරුම් දීම සිදුකළේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු ඉදිරියේයි.

පසුව සෑම පොලිස් නිලධාරියෙකුම ඊට අත්සන් තබා එක් පිටපතක් තමා සන්තකයේ ද අනෙක් පිටපත ඔහුගේ සේවා ලේඛනයේ ද ඇතුළත් කළ යුතුයි. ආචාර ධර්ම පද්ධතිය පිළිබඳ මුද්‍රණය කළ පොතක් ද පොලිස් නිලධාරීන් වෙත ලබාදුන්නා.