Thursday, April 18, 2024

General line - 0115112241

කලබල එපා : පරිස්සමෙන් – නව ව්‍යවස්ථාව ගැන දෙමළ නායකයෝ සතුටින්!




නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් රටේ ජාතික ප්‍රශ්නයට විසඳුම් ලැඛෙනු ඇතැයි විශ්වාස කරන බව දෙමළ ජාතික සන්ධානය පවසනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මාධ්‍ය හමුවේ පැවසුවේ ඒ සඳහා අවස්ථාවක් දැන් උදා වී ඇති බවයි.

උතුරේ යළි අන්තවාදය ගොඩනැගී ඇති බව දකුණේ ජනතාවට බොරු ප්‍රචාර යවන පුදගලයින් සිටින බැවින් දෙමළ ජනතාව කලබල නොවී පරිස්සමෙන් කටයුතු කළ යුතු බව ද සුමන්තිරන් මන්ත්‍රීවරයා සඳහන් කළා.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා තම පක්ෂය උපරිම සහයෝගය ලබාදෙන බවත් ජනතාව ද ඒ පිළිබඳ නිවැරදි අවබෝධයෙන් කටයුතු කළ යුතු බවත් මන්ත්‍රීවරයා සඳහන් කළා.

මේ අතර ශ්‍රී ලංකාවේ නව ව්‍යවස්ථාව මගින් ප්‍රාදේශීය මට්ටමින් දැනට වඩා බලය විමධ්‍යගත කිරීමක් සිදුකරනු ඇතැයි බලාපොරොත්තු වන බව දෙමළ ජාතික සන්ධානයේ නායක විපක්ෂ නායක ආර්. සම්බන්ධන් ද පවසා තිඛෙනවා.

පවතින ව්‍යවස්ථාව මගින් ද එක්තරා දුරකට පළාත්වලට බලය විමධ්‍යගත කර ඇතැයි ඔහු පෙන්වා දුන්නා. කෙසේ නමුත් එමගින් දෙමළ ජනතාව ඉල්ලා සිටින මට්ටමේ බලය විමධ්‍යගත වීමක් සිදුව නොමැති බවත් ආර්. සම්බන්ධන් ප්‍රකාශ කළා. ඒ, සාම්පූර් විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වූ අවස්ථාවේදීයි.