Friday, March 29, 2024

General line - 0115112241

එකම ජාතියක් ආගමක් භාෂාවක් ඕන නෑ – එහෙම කරන්න දෙන්නෙත් නෑ!




රට තුළ එකම ආගමක්, එකම භාෂාවක්, එකම ජාතියක් ලෙස කටයුතු කළ යුගය දැන් අවසන් බව ජාතික සංවාද පිළිබඳ අමාත්‍ය මනෝ ගනේෂන් පවසනවා.

නව පරපුර බහු ජාති, බහු ආගම් සහ බහු භාෂා සංකල්පය පිළිගත යුතු බවයි ඔහු ප්‍රකාශ කළේ.

ප්‍රභූවරු දේශපාලන බලය වෙනුවෙන් ජාතිවාදය වපුරන බවද ඔහු පවසා සිටියා.පනසල් පල්ලි කොවිල් වලට ගියද තමාට ආගමක් නොමැති බවත් තමා ආගමක් විශ්වාස නොකරන බවත් ඔහු කියා සිටියා.

බලය ඛෙදාහැරීම සම්බන්ධයෙන් ද මනෝ ගනේෂන් අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා.

දෙමළ ජනතාව නැවත මේ රටේ වෙනම රටක් නිර්මාණය කිරීමට උත්සහ කරයිද දෙමළ ජනතාව නැවත අවි ආයුධ අතට ගනීද යන්න සිංහල ජනතාවට සාධාරණ ප්‍රශ්ණයක් ඇති බවත් ඒවාට සාධාරණ උත්තර ලබාදීම දෙමළ ජනතාවගේ වගකීම බවත් ඔහු කියා සිටියා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ සහජීවනය සඳහා වූ විශ්ව විද්‍යාල සිසුන් දැනුවත් කිරීමේ වැඩමුළුවකට එක්වෙමින්.