Friday, April 26, 2024

General line - 0115112241

පැරා ගිය අමරා තවත් පිම්මකින් ඉදිරියට (VIDEO)




රියෝ පැරා ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේදී ශ‍්‍රී ලංකාවේ අමරා ඉන්දුමතී තවත් පිම්මක් ඉදිරියට පැමිණීමට ඊයේ (16) සමත් වුණා. ඒ, ටී47 කාණ්ඩයෙන් මීටර් 200 අවසන් තරගයේදී ඇයගේ පෞද්ගලික හොඳම කාලය වාර්තා කිරීමත් සමගයි.

තත්පර 27.54ක කාලයක් වාර්තා කරමින් ඇය එම ඉසව්ව නිම කළා. ක‍්‍රීඩිකාවන් 8 දෙනෙකු සහභාගි වූ අවසන් තරගයේදී ඇය 6වන ස්ථානය දිනාගැනීමට සමත් වුණා.

මීට පෙර පැවති මීටර් 200 ටී47 මූලික වටයේ පළමු තරගයක් තත්ත්පර 27.55ක කාලයක් වාර්තා කරමින් ඇය නිම කර තිබුණා.

මේ අතර මීටර් 200 ටී 47 කාන්තා ධාවන ඉසව්වේ රන් පදක්කම හිමිකර ගැනීමට සමත්වූයේ අමෙරිකාවයි. රිදී පදක්කම දිනාගත්තේ පෝලන්ත ක‍්‍රීඩිකාවක්. ලෝකඩ පදක්කම චීනයට හිමි වුණා.

ලෝකඩ පදක්කම හිමිකරගත් ක‍්‍රීඩිකාව සහ ශ‍්‍රී ලංකාවේ අමරා ඉන්දුමතී අතර පැවතියේ තත්පර 1.28ක පරතරයක් පමණයි.

paralimpic-www-nethnews-lk00001 paralimpic-www-nethnews-lk00002 paralimpic-www-nethnews-lk00003 paralimpic-www-nethnews-lk00004 paralimpic-www-nethnews-lk00005 paralimpic-www-nethnews-lk00006