Tuesday, April 16, 2024

General line - 0115112241

පියවරුන් දෙදෙනෙකු ඝාතනය කළ පුතුන් දෙදෙනෙකු ගැන පරීක්ෂණ




බදුල්ල හාලිඇල ප‍්‍රදේශයේ දී හා මාදම්පේ ප‍්‍රදේශයේ දී පුතුන් දෙදෙනෙකු විසින් පියවරුන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

හාලිඇල ප‍්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී සිය පියා ඝාතනය කර තිබුණේ 16 හැවිරිදි පුත‍්‍රයෙක්. පසුව ඔහු අත්අඩංගුවට ගැණුනා.

බීමතින් පැමිණ තම මවට පහරදීම හේතුවෙන් සැකකාර පුත‍්‍රයා තියුණු ආයුධයකින් පියාට පහර දී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

මේ අතර බීමතින් පැමිණි තම පියාට මුගුරකින් පහර දී ඝාතනය කළ පුත‍්‍රයෙකු ද මාදම්පේ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා.

දෙදෙනා අතර වූ බහින්බස් වීමක් දුරදිගයාම ඝාතනයට හේතු වී තිබුණා.