Thursday, March 28, 2024

General line - 0115112241

ශ‍්‍රී ලංකාව ගැන දෙමළ ඩයස්පෝරාව හා අමෙරිකාව අතර සාකච්ඡාවක්




දෙමළ ඩයස්පෝරාවේ සාමාජිකයින් පිරිසක් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු භාර සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් හමු වී තිබෙනවා.

මෙම හමුවේ දී ශ‍්‍රී ලංකාවේ වත්මන් තත්වය මෙන්ම උතුරු නැගෙනහිර කටයුතු පිළිබඳව ද වැඩි වශයෙන් අවධානය යොමු කර තිබෙනවා.

එමෙන්ම නීතිය, සාමය හා සහජීවනය යන කරුණු සම්බන්ධයෙන් ද මෙහි දී අවධානය යොමු කර ඇතැයි සඳහන්.

මෙම හමුවට අමෙරිකාවේ මානව හිමිකම් පිළිබඳ සහකාර ලේකම් ටොම් මැලනොව්ස්කි ද එක් වුණා.

මෙම හමුවට එක් වූ ගෝලීය දෙමළ සංසදයේ එමානුවල් පියතුමන් පවසා ඇත්තේ දෙමළ ප‍්‍රජාව වෙනුවෙන් අමෙරිකාවේ දායකත්වය අගය කරන බවයි.

මෙම හමුව සිදුව තිබුණේ මානව හිමිකම් කවුන්සිලයේ 33 වන සැසිවාරය ක‍්‍රියාත්මක වෙමින් තිබියදීයි.

csgl2zwxgaa1nth

මේ අතර කතානායක කරූ ජයසූරිය මෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරුන් වන අජිත් පී. පෙරේරා, කරුණාරත්න පරණවිතාන හා සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ රාජ්‍ය අමාත්‍යවරිය ඇතුළු පිරිසක් ද නිශා බිස්වාල් මුණගැසී තිබෙනවා.

01 02 03 04 05 06