Thursday, March 28, 2024

General line - 0115112241

හම්බන්තොට පොලිසියෙන් තරුණයා පැනයාම ගැන විශේෂ වාර්තාවක්




කතාබහට ලක් වූ හම්බන්තොට තරුණයා සොයා ගැණුන ද හම්බන්තොට පොලිසිය සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ අඛණ්ඩව ක‍්‍රියාත්මක බව ජාතික පොලිස් කොමිසම පවසනවා.

එහි ලේකම් ආරියදාස කුරේ, නෙත් නිව්ස් වෙත කියා සිටියේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කොමිසමේ නිලධාරීන් කණ්ඩායමක් පරීක්ෂණ සිදු කළ බවයි.

සිද්ධියට අදාළව පාර්ශව කිහිපයකින් ද ප‍්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

දැනට සිදු කරන ලද පරීක්ෂණයේ වාර්තාව ජාතික පොලිස් කොමිසම වෙත ලබන සතියේ ලැබීමට නියමිතයි.

ලේකම්වරයා සඳහන් කළේ වාර්තාව පදනම් කර ගනිමින් ඊට අදාළව සුදුසු පියවර ගන්නා බවයි.

ඉකුත් පස්වනදා වී සොරකමක් සම්බන්ධයෙන් තරුණයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඉන් එක් අයෙකු පොලිස් අත්අඩංගුවෙන් පලා ගියා.

ඉකුත් 15 වන දා ඔහු සොයා ගැණුනේ පන්සලක සිටියදීයි.