Friday, March 29, 2024

General line - 0115112241

නිදහස් පක්ෂය වැට් බද්දට විරුද්ධයි




ජනතාව පීඩාවට පත් කරමින් වැට් බදු පැනවීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය විරුද්ධ බව අමාත්‍ය චන්දිම වීරක්කොඩි පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ නව වැට් බදු සංශෝධනයේ දී ද ජනතාවට අහිතකර යෝජනා කිහිපයක් සංශෝධනය කිරීමට ආණ්ඩුවට සම්බන්ධ නිදහස් පක්ෂ අමාත්‍යවරුන්ට හැකි වූ බවයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ හබරාදුව ප‍්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින්.

ඉදිරියේ දී වැට් බද්ද තවදුරටත් අඩු කරන බවයි අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේ.

හැමදාම පාඩු ලබපු ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පසුගිය මාස 6 තුල දී බිලියන 46.5ක ලාභයක් ලබා ඇති බවද ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පැවසුවා.

සියයට 15 ක වැට් බද්දක් පවත්වාගෙන යාමට කැබිනට් මණ්ඩලය ඉකුත් දා අනුමැතිය ලබා දුන්නා.

ඊට අදාළ පනත් කෙටුම්පත ගැසට් පත‍්‍රයේ පළ කිරීමෙන් පසු අනුමැතිය ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.