Tuesday, April 23, 2024

General line - 0115112241

පෙර වසරට වඩා වැඩි උනන්දුවක් (UPDATE)




18 වන වරටත් පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයට පැමිණීම සඳහා පෙර වසරට සාපේක්ෂව පාඨකයින්ගේ වැඩි උනන්දුවක් පවතින බව එහි සංවිධායක මණ්ඩලය පවසනවා.

ශ‍්‍රී ලංකා පොත් ප‍්‍රකාශකයින්ගේ සංගමයේ මහ ලේකම් උපාලි වනිගසූරිය සඳහන් කළේ උදෑසන 7.00 පමණ වනවිට ද ඇතැම් පාඨකයින් පොත් ප‍්‍රදර්ශන භූමියට ඇතුළු වීම සඳහා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ සිරිමාවෝ බණ්ඩාරනායක පරිශ‍්‍රය අසළට පැමිණ සිටින බවයි.

මෙවර ද කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේ නිල රේඩියෝව ලෙස කටයුතු කරන්නේ නෙත් එෆ්.එම්. රේඩියෝවයි. නෙත් එෆ්.එම්. රේඩියෝවේ විශේෂ කුටියක් ද ප‍්‍රදර්ශන භූමියේ ස්ථාපිත කර තිබෙනවා.

පොත් ප‍්‍රදර්ශනයට සහභාගි වන ඔබ නෙත් එෆ්.එම්. කුටියට පැමිණියහොත් ත්‍යාග දිනා ගැනීමට ද අවස්ථාවක් උදාකරගත හැකියි. නෙත් එෆ්.එම්. ශ‍්‍රාවක ඔබ වෙනුවෙන් තරග රැසක් එහිදී සංවිධාන කර තිබෙනවා. ඊට අමතරව පාසල් පුස්තකාල සඳහා පොත්පත් එකතු කිරීමේ නෙත් එෆ්.එම්. සමාජ සත්කාරක වැඩසටහනට ද එහිදී ඔබට දායක විය හැකියි.

 


කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය අද මධ්‍යම රාත්‍රිය තෙක් විවෘතයි

(Sep 17, 2016 @ 20:04)

කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේ දෙවන දිනය වන අද ප‍්‍රදර්ශනය මධ්‍යම රාත‍්‍රී 12 දක්වා විවෘතව තැබෙනවා.

ඒ පිළිබඳ අදහස් දැක් වූ ප‍්‍රදර්ශන කමිටුවේ සභාපති සමන්ත ඉන්දීවර පැවසුවේ ආරම්භක දිනය වූ ඊයේ (17) දිනයේද අති විශාල පිරිසක් ප්‍රදර්ශණ භූමිය වෙත පැමිණි බවයි.

එමෙන්ම විවිද විශේෂාංග සහ දැනුම මිනුම වැඩසටහන් රාශියක් තිබෙන බවද ඔහු පැවසුවා.

මෙවර ද කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේ නිල රේඩියෝව ලෙස කටයුතු කරන්නේ නෙත් එෆ්.එම්. රේඩියෝවයි.

නෙත් එෆ්. එම්. රේඩියෝවේ විශේෂ කුටියක් ද ප‍්‍රදර්ශන භූමියේ ස්ථාපිත කර තිබෙනවා. ඒ සඳහා පැමිණෙන ඔබට ත්‍යාග දිනා ගැනීම සඳහා තරග රැසක් ද සංවිධාන කර තිබෙනවා.