Friday, April 19, 2024

General line - 0115112241

හිටපු ජනපතිට අගමැතිගෙන් ආරාධනයක්




සියලු පාර්ශවයන්ගේ සහයෝගයෙන්, ඒකමතික ව්‍යවස්ථාවක් සකස් කිරීම රජයේ අරමුණ බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා.

ඒ සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ද ආරාධනා කරන බවයි අග‍්‍රාමාත්‍යවරයා පැවසුවේ.

රනිල් වික‍්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ යාපනයේ පැවති උත්සවයකට එක්වෙමින්.

“අපිට දැන් තියෙන්නේ මේ ප්‍රශ්න විසඳගෙන ආර්ථික රේස් එකට යන්න. ඉන්දියන් සාගරය දැන් වැදගත් වෙන කාලෙදි , ඒකේ මැද ඉන්න අපි දැනගන්න ඕනේ කොහොමද ඒකෙන් වාසිය අරගෙන පාලනය කරන්නේ කියලා. එතකොට අපිට බලවත් ජාතියක් වෙන්න පුළුවන්. ඒකයි දේශප්‍රේමීත්වය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා යටතේ අපි ඔක්කොම එකතුවෙලා මේ ප්‍රශ්නේ විසඳන්න ඕනේ.

 
මමත් , ජනාධිපතිතුමත් , චන්ද්‍රිකා කුමාරතුංගත් , ස්වාමිනාධන් මැතිතුමත් අපේ මහ ඇමතිතුමත් අපි ඔක්කොම එක පරම්පරාවේ එක යුගයකට අයිති අය. මට අමතක වුණා අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමත් අපේ පරම්පරාවේ. ඉතිං එකතුවෙලා මේක විසඳන්න එන්න ඕනේ”.

මෙම උත්සවය පැවැත්වූයේ යාපනය දිස්ත‍්‍රික් නව පරිපාලන සංකීර්ණය විවෘත කිරීම වෙනුවෙන්.