Thursday, April 18, 2024

General line - 0115112241

අයි. එස්. රාජ්‍යයේ තොරතුරු ඇමතිවරයා ඝාතනය කෙරෙයි




අයි. එස්. සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු ලෙස සැලකෙන Hasan Salman al-Fayad ඝාතනය කළ බව අමෙරිකාව පවසනවා. ඒ, සිරියාවේ දී එල්ල කරන ලද ගුවන් ප‍්‍රහාරයකින්.

ඔහු ඉස්ලාමීය රාජ්‍යයේ තොරතුරු අමාත්‍යවරයා බවයි හඳුනාගෙන ඇත්තේ.

ඉකුත් සැප්තැම්බර් 7 වනදා මෙම ගුවන් ප‍්‍රහාරය එල්ල කළ බව පෙන්ටගනය ද තහවුරු කර තිබෙනවා.

ඉකුත් මාසයේ දී ද අමෙරිකානු ගුවන් ප‍්‍රහාරයකින් අයි. එස්. සංවිධානයේ ප‍්‍රධාන නායකයෙකු වන Abu Muhammad al-Adnani ඝාතනය කෙරුණා.

ගුවන් ප‍්‍රහාරයෙන් ඉකුත් දා ඝාතනය වූ Hasan Salman al-Fayad ඔහුගේ සමීපතමයෙකු බවයි පැවසෙන්නේ.