Friday, April 19, 2024

General line - 0115112241

බන්ධනාගාරවලටත් CCTV




බන්ධනාගාරයන්හී සී.සී.ටී.වී. කැමරා සවි කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ කියා සිටියේ මහර සහ කළුතර බන්ධනාගාරයන්හි ප‍්‍රථමයෙන් සී.සී.ටී.වී. කැමරා සවි කරන බවයි.

මේ හරහා බන්ධනාගාරයන් තුළ සිදු වන නීති විරෝධි කටයුතු අවම කර ගැනීමට හැකියාව පවතිනවා. ඊට අවශ්‍ය තාක්ෂණික සහය විශ්වවිද්‍යාල හරහා ලබා ගැනීමට නියමිතයි.

ඒ අනුව ලබන වසරේ මෙම සී.සී.ටී.වී. කැමරා සවි කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි නිශාන් ධනසිංහ වැඩිදුරටත් කියා සිටියා.