Friday, April 19, 2024

General line - 0115112241

සාම්පූර් තිත තැබීමෙන් විදුලිබලේ අර්බුදයක




සාම්පූර් ගල් අඟුරු බලාගාරය ඉදි නොකිරීමට තීරණය කිරීමත් සමග විදුලිබල සැපයුම් යම් අර්බුදයකට ලක්විය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

එහි සංවර්ධන අධ්‍යක්‍ෂ සුලක්ෂණ ජයවර්ධන ප‍්‍රකාශ කළේ බලාගාරය ඉදි නොකිරීම හේතුවෙන් මෙගාවොට් 500 ක පමණ ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට අහිමි වන බවයි.

සාම්පූර් ගල් අඟුරු බලාගාරය ඉදි නොකරන බව රජය ඉකුත් දා ප‍්‍රකාශ කළා. කෙසේ වෙතත් ඊට විකල්ප ලෙස නව විදුලි උත්පාදන ක‍්‍රම මේ වනවිට හඳුනාගෙන ඇති බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ සංවර්ධන අධ්‍යක්‍ෂ සුලක්ෂණ ජයවර්ධන වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ.

කෙරවලපිටිය, මන්නාරම සහ මොණරාගල යන හඳුනාගත් ප්‍රදේශවල සුළං, සූර්ය බලශක්ති සහ ස්වභාවික වායු බලාගාර ඉදිරිකීම සම්බන්ධයෙන් කටයුතු සිදු කෙරෙමින් ඇති බවත් සඳහන් කළා.