Friday, April 26, 2024

General line - 0115112241

සිංහ – කැංගරු කාන්තා ක්‍රිකට් සටන අද




සංචාරක ඕස්ටේ‍්‍රලියානු කාන්තා ක‍්‍රිකට් කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායම අතර පළමු එක්දින ක‍්‍රිකට් තරගය අද (18) පැවැත්වෙනවා.

ඒ, දඹුල්ල අන්තර්ජාතික ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදීයි. අද තරගයේ දී චමරි අතපත්තු ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරනවා. ඒ, කණ්ඩායමේ නායිකා සශිකලා සිරිවර්ධන ආබාධයට ලක්වීම හේතුවෙන්.

මේ අතර අද තරගයේ දී ශ‍්‍රී ලංකා ක‍්‍රීඩිකාවන් පන්දු යැවීමෙන් වැඩි දක්ෂතා දක්වනු ඇතැයි කණ්ඩායමේ පුහුණුකරු ලංකා ද සිල්වා ප‍්‍රකාශ කළා.