Tuesday, April 23, 2024

General line - 0115112241

‘හික්කා’ වෙරළ සාදය වටලයි




හික්කඩුව වෙරළ තීරයේ ඊයේ (17) රාත‍්‍රියේ පැවති වෙරළ සාදයක් සුරාබදු නිලධාරීන් විසින් වටලා තිබෙනවා.

එහිදී බලපත‍්‍ර නොමැතිව අලෙවි කරමින් තිබූ මත්පැන් බෝතල් තොගයක් සුරාබදු නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.

වැටලීම සිදු කරනු ලැබුවේ සුරාබදු දෙපාර්තමේන්තුවේ කොළඹ විශේෂ වැටලීම් ඒකකය මගින්. දේශීය හා විදේශීය මත්පැන් බෝතල් තොගයක් මෙහි තිබී සුරාබදු නිලධාරීන් භාරයට ගැණුනා.

එම මත්පැන් බෝතල් තොගය ගණනය කිරීමේ කටයුතු තවදුරටත් සිදු කෙරෙනවා. වෙරළ සාදයේ සංවිධායකවරයා අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැරුණු අතර ලබන සිකුරාදා ඔහු ගාල්ල මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.