Thursday, March 28, 2024

General line - 0115112241

‘ඡන්දේ දෙන්නෙ පාර හදන කෙනාට විතරයි’




මුන්දලම – බරනන්කට්ටුව මාර්ගය කඩිනමින් ප‍්‍රතිසංස්කරණය කර දෙන්නැයි ඉල්ලමින් ප‍්‍රදේශවාසීන් පිරිසක් විරෝධතාවක නිරත වුණා.

ඒ හේතුවෙන් පුත්තලම – හලාවත මාර්ගයේ ගමනාගමන කටයුතුවලට ද විටින් විට බාධා එල්ල වූ බවයි නෙත් නිව්ස් වාර්තාකරු සඳහන් කළේ.

විරෝධතාවයේ නිරත පිරිස පැවසුවේ මුන්දලම – බරනන්කට්ටුව මාර්ගය වසර 52 කින් පමණ ප‍්‍රතිසංස්කරණය කර නොමැති බවයි.

පවතින තත්වය මත තමන් දැඩි අපහසුතාවට පත්ව ඇති බව ද ඔවුන් සඳහන් කළා.

එහිදී ‘ඡන්දේ දෙන්නෙ පාර හදන කෙනාට විතරයි’ යනුවෙන් සඳහන් විරෝධතා පුවරුද දක්නට ලැබුණා.

protest-www-nethnews-lk00001 protest-www-nethnews-lk00002 protest-www-nethnews-lk00004 protest-www-nethnews-lk00008 protest-www-nethnews-lk00010 protest-www-nethnews-lk00013 protest-www-nethnews-lk00015 protest-www-nethnews-lk00017 protest-www-nethnews-lk00019 protest-www-nethnews-lk00023