Wednesday, April 24, 2024

General line - 0115112241

තෙවරප්පෙරුම ඇතුළු පිරිස රිමාන්ඩ් (UPDATE)




පොලිස් අත්අඩංගුවට පත් නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා සහ තවත් තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

එම පිරිස ලබන 07 වැනිදා දක්වා මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි වාර්තා වෙන්නේ.

 


තෙවරප්පෙරුම අත්අඩංගුවට

(Jul 5, 2016 @ 18:45)

නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා සහ තවත් තිදෙනෙකු මීගහතැන්න පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මව්පියන් පිරිසක් සමග මීගහතැන්න ප්‍රාථමික විදුහලට බලෙන් ඇතුළුවීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.

මේ වන විට මීගහතැන්න පොලිසිය භාරයේ සිටින නියෝජ්‍ය අමාත්‍යවරයා මතුගම මහේස්ත‍්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමටද නියමිතයි.

නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතගෙන් අප කළ විමසීමකදී ඔහු කියා සිටියේ අදාළ පැමිණිල්ල සිදු කර ඇත්තේ පාසලේ විදුහල්පතිවරයා බවයි. විදුහල්පතිවරයා සිදු කළ පැමිණිල්ලේ තමාගේ නමද සඳහන් වන බව ඒ මහතා කියා සිටියා.

රෝහල්ගතව සිටි නියෝජ්‍ය අමාත්‍යවරයා පොලිසියට පැමිණීමට පෙර මතුගම උසාවිය වෙතද ගොස් තිබුණා. නමුත් ඒ මොහොත වන විට උසාවි කටයුතු අවසන් වී තිබූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

(මේ සම්බන්ධයෙන් පොලිසිය නිකුත් කළ නිවේදනයක් පහතින් දැක්වෙයි)

media on 2016

 


තෙවරප්පෙරුම ටිකට් කපන් පොලිසියට යයි

(Jul 5, 2016 @ 16:13)

නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිට පොලිසියට භාරවීම සඳහා මීගහතැන්න පොලිස් ස්ථානය වෙත පැමිණෙමින් සිටින බව වාර්තා වෙනවා.

ඒ මව්පියන් පිරිසක් සමග මීගහතැන්න ප්‍රාථමික විදුහලට බලෙන් ඇතුළුවී දරුවන් 09 දෙනකු බලහත්කාරයෙන් පාසලට ඇතුළු කළැයි කියන සිද්ධීය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන සඳහායි.

ඔහු මෙම පියවර ගෙන තිබුණු, එම පාසලට බලෙන් ඇතුළුවී යැයි කියන මව්පියන් 9 දෙනකුද මීගහතැන්න පොලිසියෙන් අද (05) අත්අඩංගුවට ගැනුණා.