Friday, March 29, 2024

General line - 0115112241

ජනපති එද්දී අමෙරිකාවේ ආරක්ෂක රැකවල් දැඩි වෙයි




71වන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහාමණ්ඩල සැසිවාරයට සහභාගි වන රාජ්‍ය නායකයින් වෙනුවෙන් යොදා තිබූ ආරක්ෂක විධිවිධාන තවදුරටත් දැඩි කිරීමට අමෙරිකානු බලධාරීන් මේ වන විට පියවර ගෙන තිබෙනවා.
ඒ නිව්යෝර්ක් නුවර සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 29 දෙනෙකු තුවාල ලැබීම හේතුවෙන්.

මේ අතර සැසිවාරයට සහභාගි වීම සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපතිවරයා ශ‍්‍රී ලංකා වේලාවෙන් අද (18) රාත‍්‍රියේදී අමෙරිකාවට පැමිණීමට නියමිතයි.

ජනාධිපතිවරයා මහාමණ්ඩල සැසිවාරය ඇමතීමට නියමිතව ඇත්තේ ලබන 21 වෙනිදායි.

කෙසේ වෙතත් ඊයේ (17) රාත‍්‍රියේ සිදුවූ පිපිරීමෙන් පසුව කිසිදු නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති නොවූ බවයි ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ චමුදිත සරමවික‍්‍රම නෙත් නිවුස් වෙත කියා සිටියේ.

මේ අතර නිව්යෝර්ක් නුවර සිදුවූ පිපිරීම ත‍්‍රස්ත කි‍්‍රයාවක්දැයි මෙතෙක් අනාවරණ වී නැහැ. සිද්ධිය සම්බන්ධයෙන් ආරක්ෂක අංශ තවදුරටත් පුළුල් පරීක්ෂණ සිදුකරනවා.