Thursday, April 25, 2024

General line - 0115112241

ගෝලීය දෙමළ සංසඳය හා ඇමති මංගල අතර රහස් හමුවක් විමල් හෙළි කරයි




ගෝලීය දෙමළ සංසඳය හා විදේශ අමාත්‍ය මංගල සමරවීර සමග පැවති රහස් සාකච්ඡාවක් පිළිබඳ ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ අද (18) කරුණු අනාවරණ කළා.

“දැන් මේ කතාකරන වෙලාවේ විදේශ ඇමති මංගල සමරවීර මේ වෙලාවේ නතරවෙලා ඉන්නේ අමෙරිකා එක්සත් ජනපදයේ මෙල්රෝස් කියන හෝටලයේ. මංගල සමරවීර ඉන්න කාමරයේ සුරේන් සුරේන්ද්‍රන් තමුන්නාන්සේලා දන්නවා ගෝලීය දෙමල සංසදයේ ප්‍රධානියා. පැය 4ක් අද සුරේන් සුරේන්ද්‍රන් එක්ක මංගල සමරවීර කාමරයේ ඇතුලේ මම හිතන්නේ සාකච්ඡාවක් වෙන්න ඕනේ.

 

දැන් සුරේන් සුරේන්ද්‍රන් ඇතුළු යුරෝපා කොටි ජාලයේ 10 දෙනෙක් මේ වෙලාවෙත් නතරවෙලා ඉන්නේ වොෂින්ටන් හිල්ටන් හෝටලයේ. කවුද හෝටලයේ බිල ගෙවන්නේ ? කවුද ප්‍රවාහන වියදම් , යාන වාහන දීලා තියෙන්නේ ? කවුද සුරේන් සුරේන්ද්‍රන්ට දුරකතන ඇමතුම් ගන්න දුරකතන අතට දීලා තියෙන්නේ ? අමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපතිකාර්යාලයේ වියදමින්. මංගල සමරවීර එකඟවෙලා තියෙනවා සුරේන් සුරේන්ද්‍රන්ට අක්කර 78ක භූමියක් උතුරෙන් නිදහස් කරලා දෙන්න”.

විමල් වීරවංශ මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේ පුත්තලමේ පැවති සම්මන්ත‍්‍රණයකට එක්වෙමින්.