Friday, March 29, 2024

General line - 0115112241

නිව්යෝර්ක් නුවර පිපිරීම ගැන තවදුරටත් පරීක්ෂණ




අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර සිදු වූ පිපිරීම ත‍්‍රස්ත ප‍්‍රහාරයක් බව අනාවරණ වී ඇතත් එය සිදු කළේ කුමන සංවිධානයක්දැයි මෙතෙක් හෙළි වී නැහැ.

එමෙන්ම ප‍්‍රහාරයේ අරමුණ ද මෙතෙක් අපහැදිලි බවයි අමෙරිකානු බලධාරීන් පවසන්නේ.

ප‍්‍රහාරය දේශපාලන අරමුණකින් සිදු කළ එකක් ද එසේත් නැතහොත් එය පිටුපස ඇත්තේ පෞද්ගලික අරමුණක්දැයි සොයා තවදුරටත් පරීක්ෂණ ක‍්‍රියාත්මකයි.

ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණේ පීඩන උදුනක් හා ඊට සවි කළ ගෑස් නලයක් ආධාරයෙන් මෙම බෝම්බය පුපුරුවා හැර ඇති බවයි.

පසුව සිදු කළ සෝදිසි මෙහෙයුමේ දී ජංගම දුරකතනයක් ඇතුළු තවත් උපකරණ හතරක් සොයා ගැණුනා. කෙසේ වෙතත් ප‍්‍රහාරයෙන් පසු නගරය සාමකාමී බව එරට බලධාරීන් තහවුරු කළා.