Friday, March 29, 2024

General line - 0115112241

‘බැසිල්ගේ අඩුපාඩු හඳුනාගෙන ඉවරයි’




හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ අඩුපාඩු සියල්ල මේ වන විටත් හඳුනාගෙන ඇති බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිරෝෂන් පේ‍්‍රමරත්න මහතා කොළඹ අද (05) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ නව දේශපාලන පක්ෂයට බැසිල් රාජපක්ෂ මහතා සම්බන්ධ කර ගැනීමට සියලු පාර්ශ්ව එකඟ වූ බවයි. බැසිල් රාජපක්ෂ මහතා එහි මෙහෙයවීමේ කටයුතු සිදු කරනු ඇති බවත් පැවසුවා.

ඕනෑම නායකයෙකු තුළ අඩුපාඩු ඇති බවත් බැසිල් රාජපක්ෂ මහතාගේ ඇති අඩුපාඩු සාකච්ඡා කර එම වැරදි නිවරැදි කර ගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත් නිරෝෂන් පේ‍්‍රමරත්න මහතා සඳහන් කළා.

මහින්ද රාජපක්ෂ මහතා නව පක්ෂයේ නායකයා ලෙස කටයුතු කරන බවද නිරෝෂන් පේ‍්‍රමරත්න මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.