Wednesday, April 24, 2024

General line - 0115112241

ජල ගැටළුවක් නිසා නිලධාරිණියක් උපවාසයක (PHOTOS)




ප‍්‍රදේශයේ පවතින ජල ගැටළුව පිළිබඳ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට දැනුම් දීම හේතුවෙන් තම ගෘහස්ථ ජල සැපයුම කප්පාදු කළැයි පවසමින් මාතලේ බලකඩුව ප‍්‍රදේශයේ කෘෂිකර්ම පර්යේෂණ සහකාර නිලධාරිණියක් උපවාසයක් ආරම්භ කර තිබෙනවා. ඒ, මාතලේ ඔර්ලෝසු කණුව අසළදීයි.

ප‍්‍රජා ජල ව්‍යාපෘතියේ පවතින දූෂණ සහ අක‍්‍රමිකතා සම්බන්ධයෙන් ඇය ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දී තිබෙනවා.

ඊට දඬුවමක් ලෙස තම නිවසේ ජල සැපයුම අත්හිටුවා ඇති බවයි ඇය පෙන්වා දෙන්නේ.

ප‍්‍රජා ජල ව්‍යාපෘතිය භාර නිලධාරියාගේ උපදෙස් මත එය සිදුව ඇති බවයි ඇය වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ.

protest-www-nethnews-lk00001 protest-www-nethnews-lk00002 protest-www-nethnews-lk00003