Wednesday, April 24, 2024

General line - 0115112241

ඩී.අයි.ජී ලා දෙන්නෙකුගේ වාහන එකට ගැටෙයි – වාහනවලට දැඩි හානි




කොළඹදී නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනකුගේ මෝටර් රථ දෙකක් එකට ගැටී ගසක ද වැදී වාහන දෙකටම බරපතල හානි සිදු වී තිබෙනවා.

ජනාධිපති ආරක්ෂක ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ හා නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණගේ මොටර් රථ දෙක මෙසේ අනතුරට ලක්වී තිබෙනවා.

මෙසේ අනතුර සිදුව ඇත්තේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහගේ කාර් රථය සහ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණගේ ජීප් රථයයි.

මෙම අනතුරින් පසු පොලිසිය එම ප්‍රදේශය පාර දෙපැත්තෙම වසා දැමීමටද කටයුතු කර තිබෙන බවයි වාර්තා වෙන්නේ. කොළඹ කැප්පැටිපොළ මාවතේ පොලිස් නිලධාරි නිවස්නය අසල දී මෙම අනතුර සිදුව තිබෙනවා.