Friday, April 26, 2024

General line - 0115112241

පාසලේ ඇති වූ ගින්නෙන් අයෙක් මරුට




පාසල් ගොඩනැගිල්ලක හටගත් ගින්නකින් එම විදුහලේම පිලිස්සුම් තුවාල ලැබූවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පාසලේ ගබඩා කාමරයක් තුළ ගින්න හට ගැණුනා. ඒ, විද්‍යාලයේ ඩෙස් බංකු අලුත් වැඩියා කිරීම සඳහා යොදා ගත් යන්ත‍්‍රයක සිදු වූ විදුලි කාන්දුවක් හේතුවෙන්.

මෙසේ මියගොස් ඇත්තේ හාලිඇළ ඌව විද්‍යා විද්‍යාලයේ අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවකයෙකුයි.

ඔහු තිස් දෙහැවිරිදි ලක්ෂ්මන් වීරතුංග නමැත්තෙක්. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක‍්‍රියාත්මකයි.