Thursday, April 25, 2024

General line - 0115112241

යහපාලන ඇමතිගේ නිවස බිමට සමතලා කරලා (VIDEO)




යහපාලන රජයේ ප්‍රබල ඇමතිවරයෙකු වන කබිර් හෂිම්ගේ පරම්පරාගත නිවස ( අවුරුදු 120 ක් පැරණි) අද (19) කඩා දැමීමට කටයුතු කර තිබෙනවා.

මාවනැල්ල නගරයට ආසන්නයේ මාවනැල්ල හෙම්මාතගම මාර්ගයේ පිහිටි ව්‍යවසාය හා සංවර්ධන, එජාප මහලේකම් කබිර් හෂිම්ගේ පරම්පරාගත නිවස කඩා දමන්නට සිදු වුයේ මාවනැල්ල හෙම්මාතගම හරහා ගම්පොල දක්වා දිවෙන මං තිරු දෙකක් සහිතව මාර්ගය පළල් කිරිමේ ව්‍යාපෘතිය හේතුවෙන්.

අද දිනයේ නිවස කඩා දැමිමට කොන්ත‍්‍රාත්කරුවන් පැමිණි අවස්ථාවේ එහි පැමිණි ආමාත්‍යවරයා මෙසේ පැවසුවා.

“මෙ තියෙන්නේ මාගේ පරම්පරාවෙන් පැවත එන මාගේ සීයාගේ නිවස. අපිත් හැදී වැඩුනේ මෙ නිවසේ. මේ පාරට ප‍්‍රතිපාදන වෙන් කරලා දුන්නෙත් මම. ඒ මහා මාර්ග ආමාත්‍යවරයා වෙලා ඉන්න දවස්වල.

නමුත් පසුගිය කාලයේ අපි දැක්කා පාරවල් පළල් කරද්දි ප‍්‍රදේශයේ මහජන නියෝජිතයන් තමන්ගේ නිවෙස් බේරාගෙන වැඩ කටයුතු කරපු හැටි. සමහර අය අයුතු විදිහට රජයේ ඉඩම් අල්ලා ගත්තා. පාර හැදෙනකොට තමන්ගේ නිවසේ මිදුලේ ඉඩමේ කොටසක් වත් දෙන්නේ නැතුව සාමන්‍ය දුප්පත් අහිසංක මිනිසුන්ගේ වතු පිටි අල්ලා ගෙන ඒ අයට අසාධාරණයක් වන විදිහට වැඩ කරන්න උපදෙස් දුන්නා. එහෙම කරලා තමන්ගේ දේවල් බේරා ගත්තා.

නමුත් මම කල්පනා කලා ප‍්‍රදේශයේ මහජන නියෝජිතයා හැටියට මා නායකයෙක් හැටියට පූර්වාදර්ශයක් දෙන්න ඕනෑ කියලා.”

මෙම මාර්ගය මාවනැල්ල හෙම්මාතගම නගරය හරහා ගම්පොළ දක්වා ඉදිවන කෙටි මාර්ගයක්. උඩරට පිවිසුම් විකල්ප මග ලෙසද මෙය හඳුන්වයි. කිලෝමිටර් 22 ක් පමණ වන මෙම මාර්ගය සඳහා රජය වැය කිරිමට බලාපොරොත්තු වන මුදල රුපියල් මිලියන 5670 ක්.

01 02 03 04 05