Saturday, April 20, 2024

General line - 0115112241

චන්දිමාල්ට සිම්බාබ්වේට ගහන්න පුළුවන් ලු




ඇඟිල්ලක ආබාධයකට ලක්ව සිටින දිනේෂ් චන්දිමාල්ට එළැඹෙන සිම්බාබ්වේ සංචාරයට ක‍්‍රීඩා කිරීමට හැකිවනු ඇතැයි විශ්වාස කරන බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කළමනාකාරීත්වය පවසනවා.

සිම්බාබ්වේ සංචාරයේ තරග කාලසටහන මෙතෙක් ප‍්‍රකාශයට පත්කර නොමැති අතර, දෙරට අතර පළමු ටෙස්ට් තරගය බොහෝ දුරට ඔක්තෝම්බර් 29 වෙනිදා ආරම්භ වනු ඇති බවයි ඔවුන් සඳහන් කරන්නේ.

එම කාලය ඇතුළත චන්දිමාල්ගේ ආබාධය සුව වනු ඇති බවට ඔවුන් විශ්වාසය පළ කරනවා. දිනේෂ් චන්දිමාල්ගේ දකුණු අතේ ඇඟිල්ලක් ආබාධයකට ලක්වුණේ වෙළෙඳ සේවා ක‍්‍රිකට් තරගයක් අතරතුරදීයි.

එම ආබාධය හේතුවෙන් ඔහු පෞද්ගලික රෝහලකදී ශල්‍යකර්මයකට ද ලක් කෙරුණා.