Friday, March 29, 2024

General line - 0115112241

පොත් ප‍්‍රදර්ශනයේ 07 වැනි දිනය අදයි (UPDATE)




බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේ අද (22) 7 වැනි දිනයයි.

විවිධ තරාතිරමේ බොහෝ පිරිසක් ඉකුත් දින හයේම මෙම ප‍්‍රදර්ශනයට පැමිණියා.

මෙම පරිශ්‍රයේදී ප‍්‍රවීණ විචාරක බුද්ධදාස ගලප්පත්ති නෙත් නිවුස් සමග අදහස් දක්වමින් සඳහන් කළේ මෙම පොත් ප‍්‍රදර්ශනයට දිනෙන් දින ජනතාවගේ ආකර්ෂණය වැඩි වෙන බවයි.

රංගන ශිල්පිනී චතුරිකා පීරිස් ද මෙම ප‍්‍රදර්ශනයට පැමිණ සිටියා. එහිදී ඇය සඳහන් කළේ කලා ක්ෂේත්‍රයේ ඉදිරි ගමනටද කියවීම වඩාත් වැදගත් වන බවයි.

කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයට මෙවරත් රේඩියෝ මාධ්‍ය අනුග‍්‍රහය ලබාදෙන්නේ නෙත් එෆ්.එම්. රේඩියෝවයි. නෙත් එෆ්.එම්. ප‍්‍රදර්ශන කුටියක් ද ප‍්‍රදර්ශන භූමියේ පිහිටුවා තිබෙනවා. බැලුම්ගල වැඩසටහන සඳහා පැමිණිලි භාරගැනීම එහිදී කෙරෙන තවත් කටයුත්තක්. ත්‍යාග දිනාගැනීම සඳහා සරල ක‍්‍රීඩා ද සංවිධාන කර තිබෙනවා. ෆේස්බුකිය වැඩසටහන මෙහෙයවන ලොකු මල්ලී සමග කතාබහ කිරීමට නෙත් එෆ්.එම්. ප‍්‍රදර්ශන කුටියට පැමිණෙන ශ‍්‍රාවකයින්ට අවස්ථාව ද හිමිවී තිබෙනවා.


පොත් ප‍්‍රදර්ශනයේ නෙත් කුටියට පැමිණ තෑගී දිනාගන්න

(Sep 20, 2016 @ 08:25)

කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය 5වන දිනට අද පැවැත්වෙනවා. මෙවරද මෙම පොත් ප‍්‍රදර්ශනය සඳහා නිල රේඩියෝ මාධ්‍ය අනුග‍්‍රහය ලබාදෙන්නේ නෙත් එෆ්.එම්. රේඩියෝවයි.

නෙත් එෆ්.එම්. ප‍්‍රදර්ශන කුටියක් ද ප‍්‍රදර්ශන භූමියේ පිහිටුවා තිබෙනවා. අවශ්‍යතා සහිත පාසල්වලට බෙදාදීම සඳහා පොත්පත් එකතු කිරීම එහිදී සිදුකෙරෙන ප‍්‍රමුඛ කටයුත්තක්.

බොහෝ පිරිසක් ඉතා උනන්දුවෙන් ඊට ප‍්‍රතිචාර දක්වනවා. මේ ඒ පිළිබඳව අදහස් දැක්වූ කිහිපදෙනෙක්

කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේ නෙත් එෆ්.එම්. කුටියට පැමිණෙන පිරිසට ත්‍යාග දිනා ගැනීමට ද අවස්ථාවක් හිමියි. ඒ සඳහා සරල හා විනෝදාත්මක තරග කිහිපයක් සංවිධාන කර තිබෙනවා.

බැලුම්ගල වැඩසටහන සඳහා පැමිණිලි භාරගැනීම ද මෙහිදී සිදුකිරීම විශේෂත්වයක්.

img_20160919_203938 img_20160919_185420 img_20160919_184345 img_20160919_184342 img_20160919_163539

img_20160919_184840