Friday, March 29, 2024

General line - 0115112241

කම්කරු නිලධාරීන්ගේ වැඩවැරුම ගැන ඇමති සහ රාජ්‍ය ඇමති මත දෙකකද?



වැඩ වර්ජනයක නිරත කම්කරු නිලධාරීන් සහ කම්කරු අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න අතර ඊයේ (19) පැවති සාකච්ඡා ද අසාර්ථක වී තිබෙනවා.

පසුව කළ විමසීමකදී අමාත්‍යවරයා කියා සිටියේ කම්කරු නිලධාරීන් විසින් ඉදිරිපත් කරන ඉල්ලීම් පිළිගත හැකි වුවද ඒවා ඉටු කිරීමට කාලය අවශ්‍ය බවයි.

විෂය භාර අමාත්‍යවරයා කිසියම් පොරොන්දුවක් ලබා දී තිබියදී එය විශ්වාස කළ නොහැක්කේ මන්දැයි රාජ්‍ය සේවා කම්කරු නිලධාරීන්ගේ සංගමයේ සභාපති අයි.සී. ගමගේගෙන් ප‍්‍රශ්න කෙරුණා. ඒ, ඊයේ (19) රාත‍්‍රියේ ප‍්‍රචාරය කෙරුණු අන්ලිමිටඞ් වැඩසටහනේදීයි.

සිය ඉල්ලීම් සම්බන්ධයෙන් අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න සහ විෂය භාර රාජ්‍ය අමාත්‍ය රවින්ද්‍ර සමරවීර මත දෙකක සිටින බව එහිදී ප‍්‍රකාශ කෙරුණා.

රාජ්‍ය සේවා කම්කරු නිලධාරීන්ගේ සංගමය කි‍්‍රයාත්මක කරන වැඩවර්ජනය හේතුවෙන් කම්කරු නඩු විසිතුන් දහසක කටයුතු අඩාල වී තිබෙනවා.

අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහන පහතින් අහන්න