Wednesday, April 24, 2024

General line - 0115112241

විගස විකිණෙන පාරිභෝගික කාණ්ඩ අතර මන්චි නිෂ්පාදනවලට ප‍්‍රථම ස්ථානය




ශ‍්‍රී ලංකාවේ විගස විකිණෙන පාරිභෝගික කාණ්ඩ අතර ප‍්‍රථම ස්ථානය සිලෝන් බිස්කට් සමාගමේ මන්චි නිෂ්පාදනවලට හිමි වී තිබෙනවා.

ඒ, බි‍්‍රතාන්‍ය මූලස්ථානය කරගත් අන්තර් ජාතික සමීක්ෂණ සමාගමක් වන කැන්ටාර් වර්ල්ඞ් පැනල් විසින් සිදුකෙරුණු අලෙවි සමීක්ෂණයදීයි.

මහද්වීප 5ක රටවල් 44ක පාරිභෝගික භාණ්ඩ කාණ්ඩ 200කට අදාළව සන්නාම පහළොස් දහසක් මේ සඳහා යොදා ගැනුණා.

වාර්ෂිකව සිදුකෙරෙන මෙම සමීක්ෂණයට ශ‍්‍රී ලංකාව ඇතුළත් කර ගැනුණු පළමු අවස්ථාව ද මෙයයි.

මෙහිදී රටක ඇති නිවාස සංඛ්‍යාව, එම නිවාස සංඛ්‍යාව අතරින් අදාළ සන්නාමය සහිත නිෂ්පාදන මිලදී ගන්නා නිවාස සංඛ්‍යාව සහ මිලදී ගන්නා වාර සංඛ්‍යාව වැනි කරුණු සැලකිල්ලට ගැනෙනවා.