Saturday, April 20, 2024

General line - 0115112241

හෑන් ෆෝන් අතේ තියෙනවා නම් ජීවන වියදම දරන්න බෑ කියන්න බැහැ




ජංගම දුරකතනයක් අතේ ඇති අයෙකු ජීවත් වීමට බැරි කෙනෙකු යැයි සැලකීමට නොහැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන පැවසුවා.

ජංගම දුරකතන සඳහා පැන වූ වැට් බදු සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන අදහස් පළ කරමින් මේ බව සඳහන් කළා. මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ගාල්ල ප‍්‍රදේශයේ පැවති උත්සවයකින් පසු මාධ්‍ය අමතමින්.

එහිදී හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේ “ජංගම දුරකතනයක් පාරිභෝජන භාණ්ඩයක් නොවෙයි. ජංගම දුරකතනයකට ගෙන්න මුදල් තියෙන කෙනෙකු ජීවන වියදම් දරන්න බැරි කෙනෙකුත් නෙමෙයි. කොහොම වුණත් රාජ්‍ය ආදායම වැඩි වෙනකොට මේක ක්ෂ්‍ය කරන්න පුළුවන්.” යනුවෙනි.