Friday, March 29, 2024

General line - 0115112241

අමෙරිකාවේ සුදු පොලිසියෙන් කළු ජාතිකයට වෙඩි තබයි (VIDEO)




සුදු ජාතික පොලිස් නිලධාරියෙකු විසින් නිරායුධව සිටි කළු ජාතිකයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අමෙරිකාවේ යළි දැඩි කතාබහක් මතුව තිබෙනවා.

වීඩියෝ දර්ශනවලින් තහවුරු වී ඇත්තේ මෙම කළු ජාතිකයා තම හිසට ඉහළින් දෙඅත් ඔසවාගෙන සිටිය දී පොලිස් නිලධාරියා වෙඩි තබන බවයි.

පැද වූ මෝටර් රථය නැවැත්වීමෙන් පසු පොලිසිය ලබාදුන් නියෝග ඔහු විසින් පිළිපැදීම ප‍්‍රතික්ෂේප කිරීමෙන් පසු මෙම සිද්ධිය වාර්තා වී ඇතැයි පොලිසිය පවසනවා. වෙඩි තැබීම සිදුව තිබුණේ අමෙරිකාවේ ටුල්සා නගරයේදීයි.