Saturday, April 20, 2024

General line - 0115112241

වකුගඩු ජාවාරම ගැන සොයන්න ජාත්‍යන්තර සහයත්




ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සිදුවූ බව කියන වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලිසියේ සහය ඇතිව වැඩිදුර විමර්ශන සිදු කරන බව කොළඹ අපරාධ කොට්ඨාශය අද (05) ප‍්‍රකාශ කළා.

ඒ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේදීයි.

අදාළ විමර්ශන සඳහා ශ‍්‍රී ලංකා පොලිිසිය සහ ඉන්දියානු පොලිසිය සහය ලබාදෙන බවයි කොළඹ අපරාධ කොට්ඨාශය මෙහිදී ප‍්‍රකාශ කළේ. ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් 07 දෙනා මේ මස 20 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද මෙහිදී නියෝග කෙරුණා.