Thursday, April 18, 2024

General line - 0115112241

ජනපති අමෙරිකාවේදී හෙළිකළ ලක් රජයේ ප්‍රමුඛ අරමුණු..!




තිරසාර සංවර්ධනය සහ සංහිදියාව ශී‍්‍ර ලංකා රජයේ ප‍්‍රමුඛතම අරමුණ බව ජනාධිපති මෛතී‍්‍රපාල සිිරිසේන මහතා පවසනවා. මෙවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේ තේමාව වූ තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම මේ වනවිටත් තම රජය විසින් කි‍්‍රයාත්මක කරමින් සිටිම පිළිබද සතුටට පත්වන බවයි ජනාධිපතිවරයා කියාසිටියේ.

අමෙරිකාවේ රාජ්‍ය නියෝජිත ආයතනයක් වන මිලේනියම් චැලෙන්ච් කෝපරේෂන්හි නියෝජිත පිරිසක් සමග ඊයේ (20) නිව්යෝර්ක් නුවරදී පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව කියාසිටියා.

මේ අතර ශී‍්‍ර ලංකා වේලාවෙන් හෙට අලූයම ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා 71 වන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය ඇමතීමට නියමිතයි.